රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරඟාවලියේ අවසාන මහ තරඟය අද පැවැත්වෙනවා.
ඒ, ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගය ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 14 කින් ජයගනු ලැබුවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා ලෙජන්ඩ්ස් ක්රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට සිය පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ හතක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණයි.
ඒ අනුව ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අවසන් තරගය ශ්රී ලංකා වේලාවෙන් අද රාත්රි හතට ඉන්දියවේ – රායිපූර් හිදී පැවැත්වෙනවා.