
යාපනය – වැල්වැටිතුරෙයි – නෙල්ලියකාඩු ප‍්‍රදේශයේ පිහිටි නිවසක තිබී පිළිස්සී මියගිය අඹුසැමි යුවලකගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.
ඔවුන් ඊයේ රාත‍්‍රියේ නිදා සිටියදී මෙම ගින්න ඇති ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
නිවසෙන් දුමාරයක් පිටවන ආකාරය දුටු ප‍්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම්දී ඇති අතර පසුව සිදුකළ සොයා බැලීමකදීයි
මියගිය මොවුන්ගේ සිරුරු සොයා ගෙන ඇත්තේ.
ගින්නෙන් නිවසේ තිබූ උපකරණ ද සියල්ල විනාශ වී ඇති අතර අඹුසැමි යුවලගේ සිරුරු ද දැඩි ලෙස පිළිස්සී ඇති බව සඳහන්.