ළමා ලෝකයටම වෙන් වූ ලෝක ළමා දිනය මෙවරත් ” සිනහ දකින අපේ ලොවක්” නමින් පැවතිණි. ලෝක ළමා දින සැමරුම වෙනදා මෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිස්‍රයේදී මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට බොහෝ මාධ්‍ය නාලිකාවන් මෙන්ම බොහෝ ආයතන කටයුතු කර තිබුණි.
දස දහස් ගණනක් ජනකායකගෙන් උදෑසන සිට පිරී ඉතිරී ගිය විහාර මහා දේවී පරිස්‍රයේ විවිධ ක්‍රීඩා තරඟ, සංගීත වැඩ සටහන්, ත්‍යාග පිරි නැමීම් ආදියෙන් අලංකාර වී තිබුණි. කොවීඩ් උවදුර හේතුවෙන් ළමා මනස එක් තැන් වී තිබුණද
මෙය සියළු දෙනාට විනෝද වීමට අවස්ථාවක් විය.
දෙමාපියන් උදෑසන සිට තම ආදරණීය දුවා දරුවන් සමඟින් ලෝක ළමා දින සැමරුම වෙත ඇදී ආවේ කාලයකින් පසුව පැවැත්වෙන උත්සව අවස්ථාවක්නි සාවෙන්ම බව නම් සැබෑය.
මේ අතර මොහොතකට සියල්ලන්ගේම හදවත නතර කරවන සිදුවීමක් විය. ඒ තම මවගෙන් ගිලිහුණු අවුරුද්දක් වයසැති පුංචි මල් කැකුලක්.
සියල්ලෝම ඒ මේ අත දුවමින් මේ සිගිත්තිය සොයන්නට එකම සටනක. ඒ අතර පුදුමයෙන්
” අවුරුද්දක දරුවෙක්ලු ”
” ඒ තරම් පොඩි ළමයෙක් අම්මගෙන් ගිලිහෙන්නේ කොහොමද ”
” දරුවො ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ නේද අම්මලා”
යන වදන් සිටි පිරිසගෙන් ඉබේම පිට වන්නට විය.
ඒ අතර සහභාගී වූ මාධ්‍ය නාලිකා මේ මල් කැකුළ සොයා ගන්නට නිවේදන නිකුත් කර සහය වූ අතර එකා මෙන් ජාති කුල ආගම් නොතකා මේ දියණිය සෙවීමේ මෙහෙයුමක.
ඕනෑම මවකගේ හද ගැස්ම තම දරුවන් බව නම් නිසැකය. කෙසේ හෝ මේ දහසකුත් පිරිස මැද්දේ තම අතින් ක්ෂණයකින් ගිලිහුණු මේ සිගිත්තිය නිසා සිහි මුළා වූ කිසා ගෝතමී මෙන් දසත කෑ ගසමින් දුවයි.
මද වේලාවකින් පසුව ආදරණීය මවක් මේ කුඩා දියණිය දෑතින් වඩා දුවගෙන ඈතීන් රැගෙන එන විට ඇගේ මව විලාප නගනිමින් සිගිත්තිය වැළද ගත්තේ මහත් ආදරණීය කළුදු ගංගාවක් මැද්දෙනි.
මෙය එක් සිදු වීමක් වුවත් මේ සිදුවීමෙන් අනතුරුව සියල්ලන්ටම ජීවිතේ පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාවක් විය. තම දරුවන් ඇස් මෙන් රැක ගැනීම දෙමාපියන් ලෙස ඔවුන්ගේ වගකීම නොවේ ඔවුන් සතු වගවීමකි.
ළමා ලොවට අවශ්‍ය රැකවරණය , ආදරය සෑම විට දෙමාපියන්ගෙන් තම දුවා දරුවන්ට ලැබිය යුතුමයි. දෙමාපියන්යන්ගෙන් දරුවන් ගිලිහීම අද වන විට සමාජ පරිහානී රැසකට මුහුණ දෙන පිරිසගේ මූල් පුරුකේ හටගන්නා ගැටළුවකි. එය සිර ගෙවල් දහසක් තැනීමට තුඩු දෙන්නකි.
“සිනහ දකින ලොවක් වෙනුවෙන් හෙට දිනට අපේ දරුවන් පණ මෙන් රැක ගනිමු “
එය අවසන් ප්‍රාර්ථනාව විය යුතුමය.
චලනි යාපා බණ්ඩාර