හබරණ – මඩකලපුව මාර්ගයේ, පොළොන්නරුව පොළ හන්දියේදී ගොවීන් සිදුකළ විරෝධතාවකට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ද අද එක්වුණා.
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහ ඔහුගේ පුත් දහම් සිරිසේන විරෝධතාවට එක්වී මාර්ගයේ බිම වාඩිවී ඊට සහය පළ කළා.
වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාව අද උදෑසන ආරම්භ කළේ.
ඒ සඳහා ප්රදේශ රැසක ගොවි සංවිධානවල නියෝජිතයින් එක්ව සිටියා.