
තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් හා ආනයනකරුවන් මෙම සතිය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබෙනවා.
ඒ, තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පසුගිය 01 දා සිට ක්‍රියාත්මක වීමත් සමඟ තිරිඟු පිටි මිල ගණන් ද ඉහළ දැමීමට සමාගම් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ මිල වැඩි කිරීම් පිළිබඳව අද දිනයේ ප‍්‍රකාශයට පත් කරන බව තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් සඳහන් කළා.
කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ මෙම සතියේ පැවැත්වෙන සාකච්ඡාවේදී සමාගම්වලින් පිටි මිල සැකසෙන ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නියමිත බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.