
බ‍්‍රසීල ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 ඉක්මවා ඡන්දය ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ මස 30 වනදා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමට ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ හිටපු ජනාධිපතිවරයෙකු වන ලූයිස් ඉනාකියෝ ලූලාද ද සිල්වා සහ වත්මන් ජනාධිපති ජායිර් බොල්සොනාරෝ තරඟකරනු ඇති.
පැවති ඡන්ද විමසීමේදී ලූයිස් ඉනාකියෝ සියයට 48.4 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත් අතර, ජයිර් බොල්සොනාරෝ සියයට 43.2 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත්තා.