මානවයා ඈත අතීතයේ සිටම මිනිසෙකු වශයෙන් තම ජීවිකාව ආරම්භ කරන ලද සමයේ සිටම පරිසරය සමග අන්‍යෝන්‍ය සහ සමිබන්ධතාවක් පවත්වාගෙන ඇති බවට ඉතිහාසය පිරික්සා බැලීමෙි දී බොහෝ සාක්ෂි හමු වෙයි. පරිසරයේ ඇති ගහ, කොළ, සතා, සිවුපාවා සමග බැදීමකින් තොරව මිනිසාට පැවැත්මක් නොමැති බව බොහෝ දෙනාගේ මතයයි. අතීතයේ සිටම ගස්, ගල්, පර්වත වලට වන්දනාමාන කරමින් සූර්යයා චන්ද්‍රයා නමස්කාර කරමින් ඇළ දොළ ගංගා වලට පුද පූජා පවත්වමින් තමාගේ සමෘද්ධිය සංවර්ධනය උදෙසා පරිසරය සමග ඇගෑලුමි කමි පාන ලදි. ඒ් තුළින් මිනිසා පරිසරයටත්, පරිසරය මිනිසාටත් ආදී වශයෙන් කෘතගුණ සලකමින් ඒම සමිබන්ධතාව පවත්වාගෙන පැමිණ තිබෙි. ශ්‍රි ලංකාව නමැති රමණීය දූපත පරිසරයේ ස්වභාව සුන්දරත්වය අතින් ඉතාමත් ඉහළ ස්ථානයක වැජඹෙන උතුමි රටකි. හමායන මද සුළග, පියකරු තුරුලතා, සිත් වසග කරන දිය ඇලි, සවන් පිනවන විහග නාද, මල් ගොමු ආදී සිත් ගන්නා දර්ශනයන්ගෙන් සමන්විත සිරි ලංකා මෑණියන් සියලුම ශ්‍රි ලාංකිකයන්ට ආභරණයකි. නමුත් මෙම ආභරණය නිසි පරිදි පැළදීමට නොදන්නා පිරිසක්ද සමාජය තුළ සිටී.
අමිපාර දිස්ත්‍රික්කයේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශයන් ගත් විට නීති විරෝධී අන්දමින් සිදු කරනු ලබන වැලි ගොඩ දැමීමි සමිබන්ධයෙන් බොහෝ ලෙස කතාබහට ලක්වන ප්‍රදේශයකි. මෙම දිස්ත්‍රික්කයේ පදියතලාව කොටිඨාසයේ වසමි කිහිපයක් ම හරහා ගලා යන මනරමි මෙන්ම ඉතාමත් සුන්දර ජල පෝෂකයක් වන මහඔය මූලික කර ගනිමින් මෙම වැලි ගොඩ දැමීමි බහුල වශයෙන් සිදු වෙි. මෙම සිදුවීම සමිබන්ධයෙන් අධ්‍යයනය කිරීමෙිදී මෙම නීති විරෝධී වැලි ගොඩ දැමීම නිසා පීඩාවට ලක්වන පිරිස බොහෝමයක් සිටී. මෙහිදී දිස්වන ප්‍රමුඛ ගැටලුව නමි මෙම ක්‍රියාවන් සිදු වන්නේ නීති විරෝධී අන්දමින් සිදු වීමයි. මෙම මහඔය නමි ඔය ආශ්‍රිතව මෙි වන විට වැලි තොටුපළවල් වශයෙන් සාදාගත් ස්ථාන බොහෝමයක් මූලික කර ගනිමින් ප්‍රදේශයේ මුදලාලී යැයි පටිටමි දරාගත් කිහිප දෙනෙක් යටතේ වැලි ගොඩ දැමීමි සිදු වෙි.
මෙම නීති විරෝධී වැලි ගොඩ දැමීම නිසා පරිසරයට සිදුවන හානිය ඉතාමත් ඉහළය. දැං දැං ගත් විට ඔයවල් පමණක් නොව කුඩා ප්‍රමාණයේ ඇලවල් පවා මූලික කර ගනිමින් නීති විරෝධී අන්දමින් වැලි ගොඩ දමනු ලබයි. ජල මූලාශ්‍රවල වැලි ලබා ගැනීමෙි දී ඉවුරු කඩා වැලි ලබා ගැනීමත් උමං හාරා ඒ් ආශ්‍රිත ගොඩගැසී ඇති වැලි ලබා ගැනීමත් නිසා විශාල වශයෙන් ඉවුරු සේදී යාම සිදු වෙි. මෙම ඉවුරු සේදී යාම හේතුවෙන් ඒම ඉවුරු දෙපස ඇති කාලාන්තරයක් තිස්සේ පැවති විශාල සුවිශාල ගස් මුලින් ගැලවී ඉදිරී වැටෙන්නේ බොහෙේ දුක් ගායනා මෙන්ම ඉදිරිය පිළිබද මහා විශාල කතාවක්ද පවසමිනි. නමුත් අවාසනාවක තරම නමි ඒම කතාව බොහෝ මිනිසුන්ට නෑසීමයි. ඒම කදුලු කතාව ඇසුණද නෑසුණා සේ සිටීමයි.
ඔිනෑම ක්‍රියාවක් සිදු කිරීමෙි දී ඒ සදහා යමි ප්‍රමිතියක් තිබීම අනිවාර්ය කරුණකි. නමුත් මෙම ප්‍රමිතියකින් තොරව සිදු කරන ලද වැලි ගොඩ දැමීමි නිසාවෙන් ඔයවල් සහ ඇල මාර්ග ජලය භාවිතා කරමින් ගොවිතැන් කරනු ලබන ග්‍රාමීය ගොවියන් අසරණ තත්ත්වයට පත් වන්නේ ඉතා ඉක්මනින් ජල පෝෂක සිදී යාම නිසාවෙනි. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත් වී තිබෙන්නේ මෙම කෘෂිකර්මාන්තයයි. ඒයද මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අඩාල වීම ඔවුන්ගේ ජීවිත වලට ප්‍රබල පහරකි. ඇතැමි ගොවියන් තම කෘෂිකර්මාන්තය අත් හැර දමා මෙම වැලි ගොඩ දැමීම සදහා යොමු වී තිබුණද ඒ් හරහා ඔවුන්ට හිමි වන්නේ ඉතාමත් සොචිචමි මුදලකි. ඒහි වැඩි ප්‍රතිලාභය බුක්ති විදින්නේ මුදලාලිය. නමුත් මෙම අසාධාරණකමි වෙනුවෙන් හඩක් නැගීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම සෝචනීයය.
මෙම නීති විරෝධී වැලි ජාවාරම හේතුවෙන් වන සතුන් පවා පීඩාවට ලක් වෙි. ප්‍රදේශයේ ගව පාලනය සිදු කරනු ලබන පිරිසද අපහසුතාවට ලක් වන්නේ මෙම ජල පෝෂක සිදී යාම හේතුවෙන් ගවයන්ට ජලය පවා අහිමි වීම හේතුවෙනි. මෙවන් ගැටලු සමිබන්ධයෙන් රජයේ බලය ලත් නිළධාරීන් දැනුවත් කළ ද ඒ් සදහා නිසි පියවර ගන්නා බවක් මෙතුවක් පෙනී නැත. පොලිස් නිළධාරීන් විසින් වැටලීමි සිදු කළද ඒම නිළධාරීන්ද පගාව වශයෙන් වැලි මුදලාලිගෙන් මුදල් ලබාගෙන නිහඩ වන්නේ තම මුදල් පසුමිබිය පිළිබද පමණක් සිතමිනි. ඒසේ සිදු කරන ලද පැමිණිලි වලින් අධිකරණය දක්වා රැගෙන යනු ලබන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. ඒයින්ද සෑහිය හැකි ප්‍රමාණයේ විසදුමක් හිමි වන්නේ නැත. කෙසේ වුවත් අතීතයේ සිටම මිනිසා සහ පරිසරය අතර පවත්වාගෙන ඒන ලද අන්‍යේන්‍ය සබදතාව කඩා බිද විසිරුවා දැමිය හැකි ඒකක් නොවෙි. මන්ද යත් පරිසරිය සහ මිනිසා යනු ඒකිනෙකට බැදී පවත්නා කොටස් කරුවන් දෙපලක් වීමයි. සබැවින් ඒම සමිබන්ධතාවට නැවතීමෙි තිතක් නොතබා ඉදිරියට රැගෙන යාමට සියලු දෙනාම තම වගකීමි කොටස ඉටු කළ යුතු කාලයයි මෙි.
සනෝජා රංහොටිබණ්ඩාර.