
නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 11 ට එම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙහිදී කෝප් සහ කෝපා කමිටු සඳහා සභාපතිවරුන් පත් කිරීමටද නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන එම කමිටු සඳහා පත් කළ සාමාජිකයන්ගේ නාම ලේඛණය පෙරේදා ප‍්‍රකාශයට පත් කළා.
ඊයේ දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුම් දුන්නේ කෝප් කමිටුවට නම් කෙරුණු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් නම් කරන ලෙසයි.
මේ අතර දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාව හෙට යළි රැස්වීමට නියමිතයි.