
2016 වසරෙන් පසු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සිදු නොවූ හෙයින් ඉහළ ගිය උද්ධමනයට සාපේක්ෂව දීමනාවක් ලබාදෙන්නැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එහි ලේකම් ධම්මික මුණසිංහ මේ බව කියා සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.