/
/
title icon දේශීය කිරිපිටි රුපියල් 100 කින් ඉහළට – තිරිඟු පිටිත් රුපියල් 13 කින් වැඩිවෙයි.
දේශීය කිරිපිටි රුපියල් 100 කින් ඉහළට – තිරිඟු පිටිත් රුපියල් 13 කින් වැඩිවෙයි.
Editor
2 years ago
Share:
දේශීය කිරිපිටි රුපියල් 100 කින් ඉහළට – තිරිඟු පිටිත් රුපියල් 13 කින් වැඩිවෙයි.

රජය විසින් පැනවූ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරටට තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13 කින් පිටි කිලෝග‍්‍රෑමයක මිල ඉහළ දමා තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, ඊයේ වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තිරිඟු පිටි මිල සති දෙකකින් පමණ රුපියල් 250 දක්වා අඩු කරන බවයි.

එලෙස ප‍්‍රකාශ කළත්, තිරිගු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13 කින් මිල වැඩි කිරීමටයි තීරණය තර ඇත්තේ.

එසේම අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් හෙට සිට දේශියව නිෂ්පාදනය කරනු ලබන ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 100 කින් ඉහල නැංවීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 850 ක්ව පැවති ග්?ම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 950 ක් දක්වා ඉහළ යනු ඇති.

කිලෝග‍්‍රෑම් 01 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,350 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required