පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුවයි.
මීට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවතියේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේයි.
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මීට පෙර පැවතුණා.