අගවිනිසුරු ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ පී.බී. අළුවිහාරේ පත් කර තිබෙනවා.
අගවිනිසුරු ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය අද සිට ලබන 13 වනදා දක්වා කාලසීමාව තුළ විදෙස් ගතවීම හේතුවෙනුයි මෙලෙස වැඩබලන අගවිනිසුරු වශයෙන් ජනාධිපති නීතීඥ පී.බී. අළුවිහාරේ පත් කිරීමට තීරණය කර ඇත්තේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු සභාව මෙම පත්කිරීමට එකඟතාව පළ කර තිබුණා.