
කිරි ලීටරයක් සඳහා ගෙවනු ලබන මුදල රුපියල් 200 ක් දක්වා ඉහළ නංවන ලෙස සුළු කිරි ගොවීන් ඉල්ලා සිටිනවා.
ඔවුන් පවසන්නේ බදු සංශෝධන හේතුවෙන් පුන්නක්කු සහ ඛනිජ මිල ගණන් ඉහළ යාම, තෘණ වර්ග කපන යන්ත‍්‍රවල වියදම ඉහළයාම, විදුලිබිල වැඩිවීම මෙන්ම සත්ව ආහාර ඉහළ යාම හේතුවෙන් කිරි ලීටරයක් සඳහා ගෙවන රුපියල් 110 ක මුදල ප‍්‍රමාණවත් නොවන බවයි.
මේ හේතුවෙන් කිරි නිෂ්පාදනය, සැළකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇති බවද ගොවීන් පවසනවා.
කිරි නිෂ්පාදකයින්ට අවශ්‍ය තාක්ෂනික දැනුම ලබා නොදීම, මෙන්ම රජය මගින් ලබාදෙන සහනාධාරයන් විධිමත් ලෙස ලබා නොදීම ද කිරි නිෂ්පාදන කර්මාන්තය කඩාවැටීමට හේතුවී ඇති බවයි සුළු පරිමාණ කිරි ගොවීන් පවසන්නේ.