වර්තමානය වන විට ලෝකයේ සෑම අංශයක්ම පාහේ ඩිජිටල්කරණයේ අන්තයටම පැමිණ තිබේ. මේ අතරින් වඩාත්ම බලපෑම් එල්ල වන්නේ මාධ්‍ය අංශයටයි.
පුවත්පත , සගරාව මුල් කරගත් මුද්‍රිත මාධ්‍යටත් රූපවාහිනිය, ගුවන්විදුලිය මුල් කරගත් විද්‍යුත් මාධ්‍යටත් එහා ගිය මාධ්‍යයක් ලෙස නව මාධ්‍ය සැලකිය හැක. අන්තර්ජාලය මුල් කරගත් මෙම නව මාධ්‍යයන්හි ඇති ප්‍රවණතාවය වන්නේ එක් එක් මාධ්‍ය මගින් ඉටු වන සියලු කාර්යයන් එක් මාධ්‍යයක් හරහා ඉටු කර ගැනීමට හැකි වීමයි.
වර්තමානයේ මිනිසුන් මාධ්‍ය පරිහරණය කරන උපකරණය බවට ස්මාර්ට් ජංගම දුරකථනය පත් වී හමාරය. අද දුරකථනය භාවිතා කරන්නේ පණිවිඩ යැවීමට, ඇමතුම් ගැනීමට පමණක් නොවේ. යූ ටියුබ් හරහා මාධ්‍ය නාලිකා සියල්ල සජීවීව වුවද නැරඹිය හැක. මෙහි ඇති වාසිදායකම තත්වය නම් රූපවාහිනිය තුළින් විකාශනය වූ වැඩසටහන් නැවත නැවත නැරඹීමේ හැකියාවක් වුවද යූ ටියුබ් හරහා එවැනි අවස්ථාවක් හිමි වීමයි.
එමෙන්ම ගුවන්විදුලියට සවන් දීමට පෙර මෙන් වෙනම කාලයක් වැය කළ යුතු නැත. වාහනය පදවන අතරතුර වෙනත් කාර්යයක් කරන අතරතුර ආදී ඕනෑම අවස්ථාවක ජංගම දුරකථන මෘදුකාංග හරහා රේඩියෝවට සවන් දිය හැක. එමෙන්ම ශ්‍රව්‍ය දෘෂ්‍ය යන ආකාර දෙකටම ඇතැම් අවස්ථා වල පාරිභෝගිකයාට ඩිජිටල්කරණය හරහා ගුවන්විදුලි නාලිකා භාවිතා කළ හැක.
එමෙන්ම පුවත්පත මිලදී ගැනීමේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම වර්තමානයේ ගිලිහී යමින් පවතී. E – news paper සංකල්පය සමග පුවත්පත අන්තර්ජාල වෙබ් අඩවි තුලින් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
තවද මීට අමතරව වර්තමානයේ ක්ෂණිකව තොරතුරු ලබා දෙන වෙබ් අඩවි, මෘදුකාංග , නාලිකා රාශ්‍රියක්ම පවතී.ජන මාධ්‍ය වලට වඩා ඉතා ශ්‍රීඝ්‍රයෙන් සහ පහසුවෙන් නව මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීමට හැකි වීමත් , පුවත්පත , රූපවාහිනිය මගින් සිදු කෙරෙන කාර්යයන්ම ඊටත් වඩා හොදින් සිදු කර ගැනීමට හැකි වීමත් නිසා වර්තමානයේ බොහෝ පිරිස් තොරතුරු ලබා ගැනීමේ මාධ්‍ය ලෙස ඩිජිටල්කරණය වෙත යොමු වෙමින් සිටී.
දිල්කි රත්නායක