මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද (ඔක්තොම්බර් 12) කොළඹ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාව පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධවී සිදුකර තිබේ.
ජාතික ජනබලවේගය හැර විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ මේ සදහා එක් වී ඇත. එසේම පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ඡාවට සම්බන්ධ වී තිබේ.
පළාත් පාලන මැතිවරණය සහ අනෙකුත් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද මැතිවරණ කොමිසමට පැමිණ තිබේ.
මෙය පැයක පමණ කාලයක් පැවති සාකච්ඡාවෙක් විය.
භාග්‍යා බණ්ඩාර.