
කිලෝග‍්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කිරීමට ලාෆ්ස් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 5,800 කට අලෙවි වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 5,300 ක්.
එසේම ලාෆ්ස් කිලෝග‍්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 200 කින් පහත දැමීමටයි එම සමාගම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව රුපියල් 2,320 ක් වූ එම සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 2,120 ක්.