ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියාවේ ආර්ථික වර්ධන පුරෝකථනයෙන් පහත හෙළීමට කටයුතු කර තිබෙනවා.
ඒ, ඉහළ යන උද්ධමනය හමුවේ මහ බැංකු විසින් සිය මුදල් ප‍්‍රතිපත්ති දැඩි කිරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග සැළකිල්ලට ගනිමින්.
ආසියාවේ ආර්ථිකය මේ වසරේදී සියයට 4.4 කින් වර්ධනය වනු ඇති බවට පුරෝකථනය කර ඇති අතර, එය, 2021 වසරට සාපේක්ෂව සැළකිය යුතු පහත වැටීමක්. 2021 වසරේදී ආසියාවේ ආර්ථිකය සියයට 7.2 ක වර්ධනයක් පෙන්නුම් කළා.
මේ අතර, මියන්මාර රජය විසින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කළ සහල් මෙටි‍්‍රක් ටොන් දහසක් කොළඹ වරායේදී ඊයේ භාරගනු ලැබුවා. මියන්මාරය සහ ශ‍්‍රී ලංකාව අතර මිත‍්‍රත්වයට වසර 73 ක් සපිරීම නිමිත්තෙනුයි මෙම සහල් තොගය පරිත්‍යාග කර ඇත්තේ. එම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා මෙන්ම වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ද එක්ව සිිටියා.