තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ෆේස්බුක්, හෙවත් ”මෙටා” පරිශීලකයින්ගේ අනුගාමිකයින් සංඛ්‍යාව ඊයේ පහත වැටීමක් නිරීක්ෂණය වුණා.
ඒ අනුව ඊයේ අනුගාමිකයින් විශාල පිරිසක් සිටි ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ ෆලෝවර්ස් හෙවත් අනුගාමිකයින් සංඛ්‍යාව විශාල ලෙස අඩු වැටී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගේ මිලියන 100කට වැඩි අනුගාමීකයින් සංඛ්‍යාවද 9,993 කට ඊයේ පහත වැටී තිබීමද විශේෂත්වයක්.
මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක් බවටද ඇතැම් පාර්ශව මත පළ කරනවා.
කෙසේ වෙතත්, මෙය සිදු කරනු ලැබුවේ, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ බොට් ගිණුම් ඉවත් කිරීම බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා සමාගමේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් පරිශීලකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.