දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙන යාම රටේ නීතිය අනුව බරපතළ වරදක් බැවින් කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලිසියට ඊයේ (ඔක්තොම්බර් 12) දින උපදෙස් දී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (ඔක්තොම්බර් 12) දින ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ය.
දරුවන් ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රධාන වගකීමක් බැවින් ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ජනපතිවරයා මෙහි දී ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් ලබා දී ඇත.
ශ්‍රී ලංකා පොලිසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් පවතින ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.
කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
භාග්‍යා බණ්ඩාර.