කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ප‍්‍රථමික කර්මාන්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ වලට අයත් විෂය පතයන් ගැසට් කර තිබෙනවා.
ඒ අනුව ප‍්‍රථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යටතට ලංකා ලේලන්ඩ් ලිමිටඞ්, සීමාසහිත ජාතික කඩදාසි සමාගම, ජාතික ලූණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇතුළු ආයතන 12ක් ඇතුළත් කරමින් විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.
මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, ලංකා සළුසල ලිමිටඩ් ඇතුළු ආයතන 11 ඇතුළත් කර තිබෙනවා.