/
/
title icon මහ කන්නයේදී හෙක්ටයාරයකට යූරියා කිලෝ 176 ක්.
මහ කන්නයේදී හෙක්ටයාරයකට යූරියා කිලෝ 176 ක්.
Editor
2 years ago
Share:
මහ කන්නයේදී හෙක්ටයාරයකට යූරියා කිලෝ 176 ක්.

මෙවර මහ කන්නයේදී කුඹුරු හෙක්ටයාරයකට යූරියා පොහොර කිලෝග‍්‍රෑම් 176 බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හම්බන්තොට – නෙටොල්පිිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මහකන්නය සඳහා ගොවීන්ට වගා ණය මුදල් පිරිනැමීමේ වැඩසටහනකට අද එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ.

පසුගිය යල කන්නයේදී වී ගොවීන්ට හෙක්ටයාරයකට යූරියා පොහොර කිලෝග‍්‍රෑම් 100 ක් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කළා.

නමුත්, මෙවර මහ කන්නයේදී සියයට 70 ක් රසායනික පොහොර සහ සියයට 30 ක් කාබනික පොහොර වශයෙන් යෙදීමට නිර්දේශ කිරීම මත, වී වගාවට යූරියා පොහොර ප‍්‍රමාණය යළ කන්නයට වඩා කිලෝග‍්‍රෑම් 76 ක් ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required