
මංගල ඇදුමින් සැරසුණු යුවතියක් අද හදිසියේ මිනුවන්ගොඩ පොලිසියට පැමිණියා.
ඒ, අද තමන් සමඟ විවාහ වීමට සිටි තරුණයා නිවසේ සිරකරගෙන සිටින බව පවසමින්.
24 හැවිරිදි වියේ පසුවූ මෙම පෙම්වතුන් යුවල අද විවාහ වීමට තීරණය කර ඇත්තේ දෙපාර්ශවයේම විරෝධතා මතයි.
පසුව ජීවත් වීමට කුළී නිවසක්ද සොයාගත් ඔවුන් අද විවාහය ලියාපදිංචි කිරීමට කටයුතු සූදානම් කර තිබුණා.
මනාලියක ලෙස සැරසුණු තරුණිය, පෙම්වතා එනතුරු බලාසිටියත් ඔහු පැමිණ නොතිබූ අතර පසුව ඇයට ආරංචි වී තිබුණේ තම පෙම්වතාගේ ඥාතීන් විසින් ඔහු නිවසේ සිරකරගෙන සිටින බවයි.
ඒ අනුව තරුණිය පොලිසියට ගොස් තිබූ අතර තරුණයාද පොලිසියට කැඳවා තිබුණා.
ඔහුගේ ඥාතීන් එල්ල කළ චෝදනා තරුණයා විසින්ම ප‍්‍රතික්ෂේප කර තිබූ අතර පොලිසිය ඥාතීන්ට අවධාරණය කර ඇත්තේ දෙදෙනාගේ නිසි වයස් සම්පූර්ණ වී ඇති බැවින් ඔවුන්ගේ තීරණයට මුල්තැන ලබා දිය යුතු බවයි.
ඒ අනුව ඥාතීන් විසිරගොස් ඇති අතර පෙම්වතුන් යුවල පොලිස් පොතේ අත්සන් තබා නව ජීවිතය සඳහා පිටව ගියා.