සංචාරය කිරීම සඳහා ආරක්ෂිත රටවල් අතර, 12 වන ස්ථානය හිමිකරගැනීමට ශ්රී ලංකාව සමත්ව ඇතැයි වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය පවසනවා.
එම වෙබ් අඩවිය මෙම තොරතුරු එළි දක්වා ඇත්තේ සංචාරකයන් සම්බන්ධ කරගනිමින් සිදුකළ සමීක්ෂණයක් ඇසුරින්.
වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුව ලොව සංචාරය කිරීමට ආරක්ෂිතම රට වන්නේ අයර්ලන්තයයි.
එම දර්ශකයේ දෙවන ස්ථානය ස්විටර්සර්ලන්තයටත්, තුන්වන ස්ථානය ඩෙන්මාර්කයට හිමිවී තිබෙනවා.
ශ්රී ලංකාවේ සංචාරය කරන්නන් නැරඹිය යුතුම ස්ථානය ලෙස සීගිරිය, වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය විසින් හඳුන්වාදී තිබෙනවා.