/
/
title icon වයරින් බඩු මිල ඉහළට.
වයරින් බඩු මිල ඉහළට.
Editor
2 years ago
Share:
වයරින් බඩු මිල ඉහළට.

වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම සහ ආනයන සීමා කිරීමත් සමඟ මේ වනවිට විදුලි උපාංගවල මිල සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි අලෙවිකරුවන් පවසනවා.

මීට පෙර රුපියල් 3800 කට අලෙවි වූ මීටර් සියයේ දුඹුරු සහ නිල් වයර් රෝලක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 7600 ක් වැනි මිලකටයි.

කොළ පැහැති වයර් රෝලක මිල රුපියල් 7600 සිට රුපියල් 19,000 ඉක්මවා තිබෙනවා.

රුපියල් 70 කට පමණ මීට පෙර අලෙවි වූ සාමාන්‍ය බල්බයක් දැන් රුපියල් 200 ක් පමණ වන අතර, එල්.ඊ.ඩී. වර්ගයේ වොට් පහේ බල්බයක් මේ වනවිට රුපියල් 650 ක් පමණ වන බවයි අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ.

ඒවා මීට පෙර රුපියල් 300 ට ආසන්න මිලකට අලෙවි වුණා.

එසේම, ප‍්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධ වන බ්‍රේකර් මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එම කොටස් සවි කෙරෙන ප‍්‍රධාන පරිපථ රඳවන මීට පෙර රුපියල් 700 කට පමණ අලෙවි වූවත්, දැන් ඒවා රුපියල් 1300 ඉක්මවා අලෙවි කරන අවස්ථාද දැකගත හැකියි.

මෙතෙක් රුපියල් 300 ට ආසන්න මිලකට අලෙවි වූ එක් බල්බයක් පමණක් දැල්විය හැකි තනි ස්විචයක් රුපියල් 400 ත්, 500 ත් අතර මිලකට දැන් අලෙවි වන බව සඳහන්.

එසේම, පවතින තත්ත්වය හමුවේ දුරකතන සබඳතා සහ ජාලකරණ කටයුතු වෙනුවෙන් භාවිත වන රැහැන්ද රට තුළ නිෂ්පාදනය නොකරන බවයි අලෙවිකරුවන් පවසන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required