හෙට සිට එළැඹෙන 21 වනදා දක්වා දෛනිකව පැය 02 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව දහවල් කාලයේ පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර රාත්රි කාලයේ පැය එකයි විනාඩි 20 කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිසම ප්රකාශ කළේ.