ඉහළ යන ජීවන බරට එරෙහිව ප‍්‍රංශයේ පැරිස් අගනුවර දහස් ගණනක් ජනතාව වීථි බැස විරෝධතාවල නිරත වනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වැටුප් වැඩි නොකිරීම, තෙල් මිල ඉහළ යාම හමුවේ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවට පවසමින් මොවුන් විරෝධතාවල නිරතවන බවයි.
මෙම විරෝධතා සඳහා වාමාංශික පක්ෂ නායකයෙකු වන ජෝන් ලූක් සහ මේ වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගලාභී ඇනී අර්නොක්ස් ද සහභාගිවී තිබෙනවා.
ඊයේ පැවති රැළියට පමණක් එක්ලක්ෂ 40,000 ක ජනතාවක් සහභාගිවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ වනවිට ප‍්‍රංශයේ ඉන්ධන හිගයක්ද පවතින අතර, ඊට හේතුවී ඇත්තේ තෙල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයයි.
දිනෙන් දින වර්ධනය වෙමින් පවතින විරෝධතා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ පාලනයට දැඩි අභියෝගයක් එල්ල කරන බවද විදෙස් වාර්තා සඳහන් කළා