මේ වසර අවසන් වීමට පෙර මෙරටට ණය දෙන රටවල් අතර හමුවක් පැවැත්වීමට කටයුතු කරන බව ජපානය ප්‍රකාශ කර තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ මූලිකත්වයෙන් අදාල හමුව පැවැත්වීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා රජයද මේ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන බවයි එම මාධ්‍ය වාර්තා අනාවරණය කළේ.
මෙම හමුවේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය අඩුකර ගැනීම, ඒ සඳහා ලබාදෙන කාලසීමාව ඇතුළු තවත් කරුණු රැසක් සාකච්ඡාා කෙරෙනු ඇති.
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමත්‍යවරයා අතර හමුවක් ද පැවැති අතර එහිදී මෙරට ණය අර්බුදයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබුණා.