ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය විසින් නව ජල සබඳතා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස නව ජල සබඳතා ගාස්තු ඉහළ දමා ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
දැනට නව ජල සබඳතාවයක් ලබා දීම සඳහා රුපියල් 16,000ත් – 30,000ත් අතර මුදලක් අය කෙරෙනවා.