විවාහය යනු ඉතා සංකීර්ණ මාතෘකාවක් බව අප ඔබ සියලුදෙනා දන්නා කරුණකි.. වර්තමානයේ බොහේ විට මෙකී විවාහය කඩදාසි පිටුවකට පමණක් සීමා වී ඇති ආකාරය අවට සමාජයෙන් ඕනෑතරම් නිදසුන් අහුලාගත හැකිය. එහෙත් ඈත අතීතයේ විවාහය යනු කිසිසේත් කඩදාසි පිටුවකට සීමා වූ දෙයක් නොවේ. එය හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් වූවකී.
ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ප්‍රචලිත විවාහ ක්‍රම දෙකක් ලෙස දීග විවාහ සහ බින්න විවාහ
යන විවාහ ක්‍රම දෙක හදුන්වා දෙන්න පුලුවන් .දීග විවාහයේ දී විවාහ වීමෙන් පසු ස්ත්‍රිය තම ස්වාමි පුර්ෂයාගේ නිවසේ පදිංචියට යන අතර බින්න විවාහයේදී ස්වාමී පුර්ෂයා විවාහක ස්ත්‍රියගේ නිවසේම ජීවත්වීම සිදුවේ. මේ අතර මහනුවර රාජධානිය පැවති ප්‍රසිද්ධ විවාහ ක්‍රමයක් වශයෙන් “එකගෙයි කෑම” හදුන්වාදිය හකිය.
ඇත්තටම මොකක්ද මේ එකගෙයි කෑම කියන්නේ? එකගෙයි කෑම විවාහයේදී සිදු වන්නේ එක පවුලක පිරිමි දරුවන් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවක් සිටින විට ඔවුන් සියලු දෙනා හට පවුලේ ඥාතීන් සියලු දෙනාගේ කැමැත්ත මත එක් ස්ත්‍රියක් නැතහොත් බිරිදක් රැගෙන ඒමයි. මෙහිදි මනමාලිය කැන්දන් ඒමේ ක්‍රියාව සිදු කරනු ලබන්නෙ වැඩිමල් සොහොයුරා වන අතර එලෙස කැන්දන් එනු ලබන මනාලිය සියලු සොහොයුරන්ගේ මනාලිය වශයෙන් සලකනු ලබයි.
උඩරට රජධානිය සමයේ මෙකී විවාහ ක්‍රමය ඉතාමත් ජනප්‍රිය විවාහ ක්‍රමයක් බවට පත් වීමට එක් ප්‍රධාන සාධකයක් පවතියි. එනම් පවුලේ දේපල බෙදී යෑම වළක්වාලීමයි. මෙමඟින් ඔවුන් කුටුම්භ ආර්ථිකය ඉතා ශක්තිමත් එකක් බවට පත් කර ගැනීමට උත්සහ දැරීය. මෙකී එකගෙයි කෑම විවහය යම් ආචාරධර්ම පද්ධතියකට අනුව ක්‍රියාත්මක විය. එකී ආචාරධර්ම අතර පහත ඒවා ප්‍රධාන වේ.
සොහොයුරන් සියලු දෙනාගේ බිරිඳ වශයෙන් කැන්දාගෙන එනු ලබන මනාලිය සමග යහන් ගත වීමේදී, පලමු රාත්‍රිය වැඩිමහලු සහෝදරයාට ද දෙවැනි රාත්‍රිය වැඩිමහලු සහෝදරයායාගෙන් පහු සහෝදරායාට ද වශයෙන්, දිනයන් වෙන්වන අතර දහවල් කාලයේදී කිසිදු බෙදීමකින් තොරව බිරිද සමග යහන් ගතවීමේ අවස්ථාව ඇත. තවද දහවල් කාලයේ එක් සහෝදරයෙක් බිරිඳත් සමග යහන් ගතවන විට එය ඇගවීම සදහා අමුඩ තුවාය නැතහොත් ලේන්සුව දොර අසල ඇති මුව අං තට්ටුවේ හෝ දොරෙහී එල්ලීම සිදු කරනු ලබයි. කිසිදු අවස්තාවක අමුඩ ලේන්සු දෙකක් එකවර දොරෙහි එල්ලීම සිදුවන්නේ නැත.
බිරිඳට උපදින දරුවන්ගේ පියවරුන් ලෙස සියලු ස්වාමි පුරුෂයන් හදුන්වනු ලබන අතර එහිදි වැඩිමහලු සහෝදරයා ලොකු අප්පච්චි නැතිනම් මහාප්පච්චි දෙවන සහෝදරයා මද්දුම අප්පච්චි, බාල සහෝදරයා කුඩා අප්පචිචී ආදී වශයෙන් නම් කරනු ලබයි. දරුවන් රැක බලා ගැනීම මෙන්ම කුටුම්භය ස්වයංපෝෂිත කිරීම සියලු ස්වාමිපුරුෂයන්ගේ වගකීම වන අතර බිරිඳට කිසිදු ස්වාමිපුරුෂයකු ප්‍රතික්ෂේප කල නොහැකි ය. එක හා සමානව සියලු පුරුෂයන්ට සෙනෙහේ දැක්විය යුතුය. මීට අමතරව එක පවුලක සහෝදරයන් 7 කට වැඩි සංඛ්‍යාවක් සිටින විට අටවෙනි සහෝදරයා හට නව බිරිඳක් කැදවාගෙන ඒමේ හැකියාවක් පවතින අතර ඔහුගේ බාල සහෝදරයන්ගේ බිරිඳ වශයෙන් ද ඇය සලකනු ලබයි.
දේපල බෙදී යෑම අවම කර ගැනීමේ අරමුණ මත පදනම්ව ක්‍රියාත්මක උන මෙකී “එකගෙයි කෑම” විවාහ ක්‍රමය උඩරට රාජධානිය සමයේ ඉතා ප්‍රසිද්ධ විවාහ ක්‍රමයක් බවට පත් උන ද 1815 ඉංග්‍රීසින් උඩරට රාජධානිය අත්පත් කර ගැනීමත් සමග මෙකී විවාහ ක්‍රමය අහෝසි කරන ලදී.