වේවැල් කෝටු නාරන් සියඹලා අතු වල රස්නෙ දැනුන ඒ කාලේ ගල් ලෑල්ලයි ගල් කූරයි අරගෙන ඉස්කෝලෙට ගිය අතීතයක, ළමයින්ට පාඩම් වනපොත් කළා. ගුණයහපත්කම්, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, පරිසරය එක්ක සුන්දර පාසල් කාලයක් ගෙවිලා ගියා. අහස උසට තරගකාරීබවක් නොතිබුණ කාලෙකත් දිසාපතිවරු දොස්තරවරු බිහි වුනා ඒ කාලෙට ගැලපෙන්න. අතීතයත් වර්තමානයත් සංසන්දනය කිරීමක් නොව, නමුත් දැඩි මානසික පීඩනයක් කොදු නාරටි කැඩෙන තරම් බරට පොත් බෑග් නොතිබුණ කාලෙකත් ළමයි අකුරු කරා.
පාට පාට කවර එක්ක කිලෝ ගණන් බර පොත් කට්ටලයක් දරුවන්ට දුන්නට වර්තමානයේ දරුවන්ගේ බුද්ධිය දැනුම් පරාසය අද කොතැනද? මෙය මුලු පද්ධතියේම වරදක් ද?
වර්තමානයේ ළමයින්ට උහුලගන්න බැරි තරම් බරට පොත් බෑගයක්, දරාගන්න බැරි තරම් ලොකු තරගකාරීබවක් එක්ක යන්ත්‍ර සූත්‍ර වගේ ළමයි මේ ලෝකේ අධ්‍යාපන වෙනුවෙන් සටන් කරනවා. අම්මලා පස්සෙන් දුවනවා. බරම බර පොත් බෑගය අම්මලා කරේ දාගෙන ඇවිදිනවා. රොබෝ වගේ ළමයෙක් ඒ වේගෙට එහෙ මෙහෙ දුවනවා. මේක අම්මලාගේ ආදරයද? නැත්නම් දරාගැනීමේ ශක්තිය අඩු දරුවෙකු බිහි කිරීමේ මූලික පියවරද?
දරුවන්ට තමන්ගේ බර දරාගන්න, ඉදිරියට යන්න, ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය අවශ්‍යයි. පුංචි කාලේ ඉදන්ම තමන්ගෙ වැඩ තමන්ට කරගන්න, තමන්ගෙ පොත් බෑග් එක අරන් යන්න ශක්තිමත්බවක් දරුවන්ට තිබිය යුතුයි. හැම විටෙකම අම්මලාට බරක් නොවී සමාජයේ ඉදිරියට යන්න ශක්තිය තිබිය යුතුයි.
නමුත් ටිකෙන් ටික ශක්තිමත් වන කොදු නාරටිය තරුණ අවදියට පෙරම බිද දැමීම කාගේ වරදක් ද? එකිනෙක සාපේක්ෂව බලන විට මෙය දරුවන්ට ඇති ආදරයද, දරාගැනීමේ ශක්තිය අඩු දරුවකු බිහි කිරීමද යන්න ගැටලුවක් පවති.
නෙත්මිණි ගුණවර්ධන.