
මේ දින වල දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයත් සමඟ ඉදිරියේ දී ඩෙංගු රෝගයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ ඩෙංගු රෝගයේ වැඩිම ව්‍යාප්තිය බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.
එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 61,391 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය නවතම දත්ත තුළින් පැහැදිලි වේ.
භාග්‍යා බණ්ඩාර.