
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ නෙදර්ලන්තය සමඟ අද පැවති තරඟය ලකුණු 16 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, සමඟ සුපිරි දොලොස් දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
අද පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 79 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත්තා.
ජයග්‍රාහී ඉලක්කය හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 09 කට ලබාගත හැකිවූයේ ලකුණු 146 ක් පමණයි.