
පසුගිය සිකුරාදා දින තිරිඟු පිටි මිල රුපියල් 85කින් අඩු කළ අතර, තිරිඟු පිටි මිල තවත් රුපියල් 25කින් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක නව මිල රුපියල් 265 ක් දක්වා අඩුවෙයි.
නමුත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, බේකරි නිෂ්පාදන වල මිල අඩු නොකරන බවයි.
ඒ අනුව ගෙවුණු සතියක කාලය තුළ තිරිඟු පිටි මිල රුපියල් 110 කින් අඩු වී තිබුණත් බේකරි නිෂ්පාදන තවමත් පෙර මිල ගණන්වලට අලවි වේ.
භාග්‍යා බණ්ඩාර.