
කාන්තාවක් අයුතු ලෙස සිරකරතබා ගනිමින් ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා වලට වරදකරුවන් වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර දහයක සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව අද මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ හමුවේ කැඳවූ අවස්තාවේදීයි.
එහිදී විනිසුරුවරයා නියෝග කලේ සිරදඬුවමට අමතරව රුපියල් 15,000 බැගින් දඩ මුදලක්ද ගෙවන ලෙසටයි.
පිටකොටුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා 2015 වසරේදී අදාළ කාන්තාව අයුතු ලෙස සිරකර තබා ගනිමින් ලිංගික අතවර කර තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.