/
/
title icon තිලිණිට විදෙස් ගිණුම් ඇත්දැයි විමර්ශනයක්.
තිලිණිට විදෙස් ගිණුම් ඇත්දැයි විමර්ශනයක්.
Editor
2 years ago
Share:
තිලිණිට විදෙස් ගිණුම් ඇත්දැයි විමර්ශනයක්.

බරපතල මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින තිළිණි ප‍්‍රියමාලිට විදෙස් ගිනුම් ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මහබැංකුවට සම්බන්ධව ඇති වෙනම ඒකකයක් මඟින් විමර්ශන ක‍්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම ස්ථානීය පරීක්ෂණ කිහිපයක් සඳහා ඉදිරියේදී ඇය තවත් ස්ථාන කිහිපයක් වෙත රැගෙන යාමටද නියමිතයි.

මේ වනවිට ඇය සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර ලබන නොවැම්බර් 02 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයේයි පසුවන්නේ.

සෝදිසි වරෙන්තු මත සැකකාර තිළිණි ප‍්‍රියමාලිට අයත් වත්තල පිහිටි නිවසක්, කිරුළපන පිහිටි නිවාස සංකීරණයක 12 වැනි මහලේ නිවසක් මෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ කොළඹ චැතම් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ව්‍යාපාර ස්ථාන දෙකක් පරීක්ෂාවට ලක් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම විමර්ශනවලට අදාළ ලේඛන හා ඩිජිටල් උපාංග ද සිය භාරයට ගත් බවත් සැකකාරියගේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාර කාර්යාලයේ පරිඝනක වල තිබූ දෘඩාංග 5ක් අස්ථානගතව තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required