
කොළඹ 02 සිට 10 දක්වා ප‍්‍රදේශවලට අද රාත‍්‍රී 10 සිට පැය 14 ක කාලයක් සිදුකිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.
මීට පෙර කළ දැනුම්දීමෙන් යම් අපහසුතාවයක් ඇති වූයේ නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බවද ඔවුන් කියා සිටියා.