
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර, ශ‍්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව නියමිත පන්දු වාර විස්ස අවසානයේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් කඩුලූ 6 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා.
පැතුම් නිස්සංක ලකුණු 40 යි. චරිත් අසලංක නොදැවී ලකුණු 38 ක් රැස් කළ අතර, ධනංජය ද සිල්වා ලකුණු 26 ක් ලබාගත්තා.