/
/
title icon සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ.
සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ.
Editor
1 year ago
Share:
සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ.

සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික ස්ථීායිකරන හා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 25 වන දා සිට බලපැවැත්වෙන පරිදියි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව සමාගම් හා සමිති ශීර්ෂයන් 25ක් යටතේ සංශෝධිත ගාස්තු නියම කර තිබෙනවා.

සීමාසහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා සංශෝධිත ගාස්තුව දක්වා ඇත්තේ රුපියල් 4,600ක් ලෙසයි.

සීමාසහිත පොදු සමාගමක් සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 23,000ක් ලෙසත් දක්වා ඇති අතර සමාගමක නාමයක් අනුමත කිරීම සඳහා සශෝධිත ගාස්තුව රුපියල් 2,300ක් ලෙසත් මෙම ගැසට් නිවේදනය මගින් දක්වා තිබෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම සංශෝධිත ගාස්තු වලට වැට් බදු එකතු වියයුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required