/
/
title icon වාදක සුළු පියා, මවට එල්ල කළ පිහි පහරට මැදිවූ පුතු මරුට.
වාදක සුළු පියා, මවට එල්ල කළ පිහි පහරට මැදිවූ පුතු මරුට.
Editor
2 years ago
Share:
වාදක සුළු පියා, මවට එල්ල කළ පිහි පහරට මැදිවූ පුතු මරුට.

මාතර – මොරවක, ඉලූක්කැටිය වරල්ල ප‍්‍රදේශයේදී අඹු – සැමි යුවලකගේ ආරවුලකට මැදිවූ දස හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

අදාළ සැමියා බිරිඳට එල්ලකරන ලද පිහි පහර දරුවාට වැදීමෙන් පසු බරපතල තුවාල ලබා මොරවක රෝහලෙන් කරාපිටිය රෝහලට මාරු කර යැවීමෙන් පසු අද උදෑසන දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පිහි පහර එල්ල කළ 44 හැවිරිදි සැකකරු කළක් දකුණේ ප‍්‍රසිද්ධ සංගීත කණ්ඩායමක හිටපු ඔක්ටපෑඩ් වාදන ශිල්පියෙක්.

ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවාගේ මව සිය දෙවන විවාහය ලෙසයි ඔහු සමඟ විවාහ වී ඇත්තේ.

මේ අතර වැරදීමකින් විෂ සහිත අල වර්ගයක් ආහාරයට ගත් අම්පාර – බණ්ඩරදුර ප‍්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් තවත් 03 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් වැල් අල යැයි සිතා තමන්ට අයත් වගා බිමක් අසළ තිබූ මෙම අල ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required