නිශ්චිතවම සන්නිවේදනය යන්න ආරම්භ වූයේ කවදා කෙසේදැයි පැවසීම අසීරු කාර්යයකි. නමුත් සන්නිවේදනය මානවයාගේ බිහි වීමත් සමඟ සිදු වූවා යැයි කිව හැකිය. මන්ද මානවයාගේ සිතීමේ හැකියාව සිදු වන්නේ මේ සන්නිවේදනයත් සමඟය. අද වන විට සන්නිවේදනයේ විකාශය දෙස බැලූ විට එය පැහැදිලි වේ.
කෙසේ වෙතත් සන්නිවේදනය යනු ක්‍රියාවලියයි. එය ගතිකය. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙය වෙනස් විය හැකිය.
සන්නිවේදනය යන්නෙහි අර්ථය වන්නේ අදහස් තොරතුරු හුවමාරු කර ගැනීමයි. එනම් පුද්ගල සිතුම් පැතුම් බෙදා හදා ගැනීමයි. සන්නිවේදනය යන ක්‍රියාවලිය සිදු වීමට තනි පුද්ගලයෙකු වුව ද ප්‍රමාණවත්ය. මන්ද තමා තුළම සිදු වන අන්තර්පුද්ගල සන්නිවේදනය ප්‍රබල සන්නිවේදන ක්‍රමවේදයක් නිසාය.
මානවයාගේ සියලු ක්‍රියා සිදු වීමට හා පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අංගයක් ලෙස මේ සන්නිවේදනය හඳුනා ගත හැකිය. තම දැනුම, අදහස් ආදිය පරම්පරාවෙන් පරම්පරාවට දායාද කිරීමට මානවයා අතීතයේ පටන් සන්නිවේදනය භාවිතා කර තිබේ. එය විශේෂ කරුණකි.
නූතන සන්නිවේදනය දියුණු වීම සදහා අතීතයේ මානවයා භාවිතා කළ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයන් ඉවහල් වන නිසාය.
සෑම අවස්ථාවකදීම සන්නිවේදන කාර්යය සදහා බලපානු ලබන්නේ පංචේන්ද්‍රියන් ය. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් තුළින් සන්නිවේදන කාර්ය සිදු වේ. කිනම් උපකරණයක් භාවිතා කළ ද මූලික හා අනිවාර්යම කරුණක් ලෙස පංචේන්ද්‍රියන් හඳුනා ගත හැකිය.
මිනිසා මෙන්ම සත්ත්වයින් ද මෙකී සන්නිවේදනයේ යෙදෙති. නමුත් එය දියුණු නැත. සත්ත්ව සන්නිවේදනය වර්ත්මනයට පමණක් සීමා වේ. මන්ද ඒ තුළ සිදු වන්නේ ක්ෂණික ප්‍රතික්‍රියා දැක්වීමක් පමණක් වීමයි. නමුත් මිනිසා තුළ සිදුවන සන්නිවේදන ක්‍රියාවලිය ඉතාමත් දියුණු මට්ටමක ඇත. එය දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්ධනය වනු දැක ගත හැකිය.
භාග්‍යා බණ්ඩාර.