
දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (29) රාත්‍රීයේ සංවිධානය කරතිබූ හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් 149 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී තවත් පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව වැඩි දුරටත් වාර්තා වේ.
මෙම අනතුරට හේතුවී ඇති බව එරට ගිනිනිවන හමුදාව පෙන්වා දෙන්නේ පටු මන්තීරුවක විශාල පිරිසක් එක්රැස් වීමයි.
භාග්‍යා බණ්ඩාර.