
ලබන පළමුවනදා සිට තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල, සියයට 10 කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් ඒ සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩුවී ඇති මිල ගණන් ආපනශාලා හිමියන් වෙත ලැබිය යුතු බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.