කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 66 දක්වා අඩුවී තිබෙනවා.
පසුගිය මාසයේ එය දැක්වුණේ සියයට 69යි දශම 8ක් ලෙසින්.
ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 85යි දශම 6 දක්වා පහත බැස ඇති අතර එය පසුගිය මාසයේ සියයට 94යි දශම 9ක් ලෙස දැක්වුණා.
කෙසේ වෙතත් මත්පැන් සහ දුම්වැටි කාණ්ඩයේ උද්ධමනය සියයට 45 දශම 9 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මාසයේ සියයට 39යි දශම 4ක් ලෙස දැක්වුණා.
එමෙන්ම සියයට 23යි දශම 5ක් ලෙස පැවති සන්නිවේදන අංශයේ උද්ධමනය ද මෙම මාසයේ සියයට 33යි දශම 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.