වර්තමානයේ සමාජ තාක්ෂණික දියුණුව සමග ඇති වූ ලෝක ගෝලීයකරණයට ශ්‍රී ලංකාවද අනුගත වෙමින් සිටී. මෙය ආර්ථික , දේශපාලන , සමාජ, ආගමික ආදී සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් කරන අතරම අධ්‍යාපන ක්ෂේත්‍රයද ශ්‍රීඝ්‍රයෙන් දියුණු වන්නට විය.
නමුත් අධ්‍යාපනයට මෙම තාක්ෂණික සමාජීය දියුණුව හිතකර මෙන්ම අහිතකර ලෙසත් බලපෑම් එල්ල කරනු ලබන අවස්ථා එමටය.විශේෂයෙන්ම වර්තමානයේ පාසල් අධ්‍යාපනය ගත් විට සිසුන්ගේ වයස් මට්ටමට හා මනසට දරාගත නොහැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමවේදයක් පවතී . පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්ම ආරම්භ වන්නේ තරගකාරීත්වයකි. එය බොහෝ දෙනා “අම්මලාගේ විභාගය ” ලෙසද සලකන්නේ එබැවිනි.
සාමාන්‍ය පෙළ , උසස් පෙළ විභාග ගත් විටද සිසුන්ට පාසල් අධ්‍යාපනයට අමතරව තරගකාරී ලෙස ටියුෂන් වෙත යොමු වීමට සිදුව තිබේ. පාසල් තුළ අධ්‍යාපන කටයුතු හදාරනවා සේම වෙනත් විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීමේ අවස්ථාව දිනෙන් දිනම ශිෂ්‍යන් තුළින් ගිලිහී යාම පෙන්නුම් කරයි.
විශේෂයෙන්ම විනෝද චාරිකාවක් යෑම, විවේක කාලය තමන් කැමති විනෝදාංශයක් සමග ගත කිරීම, ක්‍රීඩාවක නිරත වීම යනාදිය වෙනුවෙන් කාලය වෙන් කිරීමට වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් ඉඩ ප්‍රස්තාවක් හිමි කර නොමැත.
ඒ අනුව මෙම පීඩාකාරී අධ්‍යාපන රටාව තුළින් සමාජයට බිහි වන පුරවැසියන් අවසානයේ යාන්ත්‍රීකරණය වූ පුදගලයින් වනු නොඅනුමානය.
දිල්කි රත්නායක.