අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක බරකින් යුක්ත පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එමෙන්ම සෙසු බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 10 කින් අඩුකරන බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.