
විදේශ පුහුණුව සඳහා වෛද්‍යවරුන් යොමු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා විදේශගතවන වෛද්‍ය නිළධාරීන්ට අවශ්‍ය වියදම් හා ගෙවීම් ලබාදීමේ දී පවතින දුෂ්කරතා සැළකිල්ලට ගනිමින්.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිත දැනුම්දීමක් ද සිදුකර තිබෙනාව.
පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍යවරයෙකු විදෙස් ගතවීමේ දී මාස 2ක ජීවන වියදම් දීමනාව, ගුවන් ටිකට් පත් ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ලබා දීම සිදු කෙරෙනවා.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ එය සිදු කිරීමේ දී දුෂ්කරතා පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දී ඇත්තේ.