ආපනශාලාවල ආහාර පානවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10 කින් පහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව තේ කෝප්පයක් රුපියල් 30 ක් වන අතර, කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 දක්වා පහත දමා ඇති බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.
එසේම, රෝල්ස්, පරාට, බිත්තර රොටි සහ එළවළු රොටියක මිල රුපියල් 10 කින් අඩු කෙරෙන අතර කෑම පාර්සලයක් ද සියයට 10 කින් පහත දමන බවයි ඔහු සඳහන් කළේ.
තිරි`ගු පිටි මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ද අඩු කළ මිල ගණන් යටතේ මේ වනවිටත් ක්‍රියාත්මකයි.