මෙම අවස්ථාවේ සිදුවන ඕනෑම අස්ථාවර ක්‍රියාවක් සහ එයින් පැන නගින ඍණාත්මක ප‍්‍රචාරයක් මෙරට ආර්ථිකය පුනර්ජීවන ක්‍රියාමාර්ග බරපතල ලෙස අඩාල කරනු ඇති බව මෙරට වාණිජ මණ්ඩල 6ක් ඒකාබද්ධව නිවේදනය කරනවා.
ඔවුන් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත්තේ අද පැවැත්වීමට නියමිත විරෝධතා නවත්වන ලෙස ඉල්ලමින්.
මේ අතර කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අසලින් අද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් සහ සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ ගිවිසුමකට එළැඹුණා.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහය පළ කරමින් සිවිල් සංවිධාන කිහිපයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප‍්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තැබුවා.
කෙසේ වෙතත්, අදාළ විරෝධතාව සම්බන්ධයෙන් ගාලූ මුවදොර අරගලයට සම්බන්ධව සිටි බ්ලැක් කැප් මූව්මන්ට් සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට සහභාගි නොවන බව ප‍්‍රකාශ කළා.
මේ අතර, ලංකා වාණිජ මණ්ඩලය, තරුණ ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලය, ශ‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල 6ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා නතර කරන ලෙසයි.
භාෂණයේ නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා අතරම, මෙවැනි විරෝධතා හේතුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහයෝගය ඇතිව වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ගන්නා උත්සාහයන් අඩපණ වන බවයි ඔවුන් සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ.