පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටද ගැටළුවක් පවතින බව එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසනවා.
මැතිවරණ ක‍්‍රමය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඊට එක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක කියා සිටියේ පවතින නීති රාමුව තුළ පළාත් පාලන ඡුන්ද විමසීම පැවැත්වීමට සූදානම් අතර සංවර්ධනයක් නොමැති රටක ඡුන්දයක් පැවැත්වීමත් සංවර්ධනයක් බවයි.