බිත්තරයක මිල රුපියල් 10 ත් 7 ත් අතර ප‍්‍රමාණයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, කුකුළු ගොවිපොල හිමියන් කිිහිපදෙනෙකුගේ මැදිහත් වීමෙන් මිල අඩු කිරීම සිදුනොකරන බවයි එම සංගමයේ ලේකම් අනුර මාරසිංහ සඳහන් කළේ.
මේ අතර, සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සුණු සහල් හෙවත් කැඩුණු සහල් ආදේශකයන් ලෙස යොදා ගැනීමට සුදුසු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.
බඩඉරිඟු වෙනුවට සුනු සහල් යොදා ගැනීමේ සුදුසුභාවය පිළිබඳ ලිඛිත සහතිකයක් ලබාදෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුවයි අදාළ නිර්දේශ ලබාදී ඇත්තේ.
2021 වසරේ බඩඉරිඟු අස්වැන්න 10% කින් අඩුවීම හේතුවෙන් සත්ව ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සුනු සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමටයි පියවර ගැණුනේ.
පසුගිය මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් බඩඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහත වැටුණු අතර, වෙළඳපොලේ දියර කිරි, බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාමට ද එය හේතුවක් වුණා.
මේ අතර, මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි ලෙස ලබා නොදුනහොත් මේ මස 15 වනදා උද්ඝෝෂණයක් සිදු කිරීමට අනුරාධපුර දිස්ත‍්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය තීරණය කර තිබෙනවා.